මහා රාවණා රජු ප්‍රබල ශිව භක්තිකයෙක් ලෙස නම් කරනුයේ මෙතැනදී ය. ආඥා චක්‍රයේ පාලන දේවතාවා වනුයේ ශිව දෙවියන් ය. තෙවැනි ඇස යනු මෙම චක්රයයි. තෙවැනි ඇසක් සහිත එකම දෙවියන් ලෙස ශිව නම් කරන්නේ ද එබැවිනි. තෙවැනි ඇස නැතහොත් ආඥා චක්‍රය අවදි වීම අති ප්‍රබල ශක්තියකි. ශිව දෙවියන්ගේ තෙවැනි ඇස විවර වුවහොත්, තුන් ලොවම දැවී අළු වී යන බව පවසනුයේ එබැවිනි. ආඥා චක්‍රය අවදිවීමත් සමඟ පංච භූත තත්ත්වය පාලනය කිරීමේ ශක්තිය මහා රාවණාට හිමිවන අතර, ඔහු එම ශක්තිය ලංකා පුරයේ භෞතික සංවර්ධනය සඳහා උපරිමයෙන් යොදා ගනු ලබයි රාවණ රජු, රජෙකු ලෙස ප්‍රසිද්ධ වන්නේ එබැවිනි. මහා රාවණා රජතුමා දස විධ ඥානයන් මෙහෙයවා පෘථිවිය හා ග්‍රහලෝක අත්පත් කර ගත්හ. හත්වැනි චක්‍රය එනම් සහස්‍රා චක්‍රය අවදි කරවීම ඔහු විසින් සිදුකරනුයේ වෛදික නාථ ලෙස යෝගී බවට පත්වීමෙන් පසුවය. වෛදික නාථ මුණිවරයකු ලෙස සැලකෙයි.
ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කරනු ලබන ශිව තාණ්ඩව ස්ත්‍රොaත්ත්රය සහ මහා මෘතුංජය ස්ත්‍රොත්‍ර දෙක ආඥ චක්‍රය අවදි කරවීම උදෙසාත්, අමරණීය වීම උදෙසාත් මහා රාවණා රජු භාවිත කරනු ලබන වේගවත් රහස් ක්රමවේදයයි. මෙම ශිව තාණ්ඩව ස්ත්‍රොතය ද මහා රාවණ රජුට යෝග වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයකි.
මෙහි පද බැඳීම ඉතා සංකීර්ණය. එය සම්පූර්ණයෙන් ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇති කරවීම උදෙසා ය. මෙය ස්ත්‍රොaත්ත්රය හරහා ධ්‍යාන වැඩීමේ දී කොඳුඇට පෙළේ දකුණින් ඉහළට ගමන් කරනා පිංගල නාඩියත්, කොඳු ඇට පෙළේ වම් පසින් ඉහළට ගමන් කරනා ඉඩා නාඩියත් මුහුදු රළක් මෙන් වේගවත්ව ප්‍රකම්පනය වීමත් ශරීරයේ ඇති සෙම්, සොටුවලින් සිර වී ඇති හැත්තෑ දෙදහසක් වූ නාඩි ශුද්ධ වීමත් සිදුවෙයි. මේ හරහා සමස්ත ශරීරයම විශ්ව ශක්තියට නිරාවරණය වන අතර අවසන් ප්‍රතිඵලය ආඥ චක්‍රය අවදි වීමයි.
No comments:
Post a Comment